Wednesday, August 16, 2017

යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ

එදා ටිකක් වැස්ස තියෙන දවසක් සෙනසුරාදා හවස් වරුව කියන්නෙ ටිකක් නිදහස් වෙලාවක්. මම ටවුන් එකට ගිහින් දහම් පාසලට ඕනේ කරන පොත්පත් කිහිපයක් අරගෙන ආවා. ඒ එන අතරේ ටිකක් ඈතට වෙන්න පාර අයිනකින් නවත්තලා තිබ්බ වෑන් එකකින් බැහැපු තරුණ වයසේ පිරිමි ළමයෙක් මගේ ලඟට ආවා. ඇවිත් අහනවා අපෙ හාමුදුරුවනේ මේ පාරෙන් දිගටම ගියොත් ඉස්සෙල්ලම හම්බෙන ටවුම මොකක්ද කියලා. ඉතින් මම ඒ ළමයට කිව්වා ගමන් විස්තරය. මට ස්තුතියි කරපු ඒ දරුවා වාහනය දිහාවට අත දිගු කරලා මට කිව්වා අපෙ හාමුදුරුවනේ මේ වෑන් එක මගේ යාලුවෙකුගේ. එයාගෙන් ඉල්ල ගෙන තමයි මම මේ වන්දනා ගමන ආවේ. වාහනය පොඩ්ඩක් ලෙඩ දෙන්න ගත්තා. මං බැලුවේ ළඟම තියෙන ටවුන් එකකින් හදාගන්න පුළුවන් වෙයිද කියලා. මම ඒ ළමයට කිව්වා ටවුමටම යන්න වශ්‍ය නෑ ඊට කිට්ටුවෙන්ම ගරාජයක් තියෙනවා කියලා. ඒ වගේම ඊටත් ටිකක් එහායින් තවත් හොද ගරාජයක් තියෙනවා කියලා. ඒ ගමන ඒ තරුණ ළමයා මට කියනවා "අපෙ හාමුදුරුවනේ වාහනය ලෙඩ තියාගෙන තව තව දුර යන එක අවදානම්. අපි කොච්චර හොඳට එලෙව්වත් යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ.. තවත් ජීවිතයක වටිනාකම මෙය යකඩ වලට තේරෙන් නෑ... " එහෙම කියපු ඔය තරුණ ළමයා මගේ දෙපා වැඳලා ආශිර්වාද ගෙන ආයෙමත් වාහන දිහාවට යන්න පිටත් වුණා. වැස්ස ටිකක් තද කරපු නිසා මමත් තකහනියේ පන්සලට එන්න පිටත් උනා. පන්සලට එන ගමනේ මගේ සම්පූර්ණ කල්පනාව වුණේ ඒ ළමයා කියපු වචන ටික. " යකඩ වලට පණ නෑ අපෙ හාමුදුරුවනේ" ඒ කතාව කොච්චර ඇත්තක්ද , කොච්චර සාධාරණද... අද තරුණ සමාජය අපි හිතනවට වඩා කොච්චර බුද්ධිමත්ද.. හෙට දහම් පාසලේ දරුවන්ට කියන්න මට හොඳ ආදර්ශ කතාවක් තියෙනවා.. එහෙම හිතාගෙන මමත් හෙමින් එමෙන් පන්සලට සේන්දු වුනා...

Wednesday, September 4, 2013

නිවසේ සිටම මුදල් සෙවීමට අනගි අවස්ථාවක්...

එක වෙළඳ දැන්වීමක් නැරඹීමෙන් ඩොලර් 2ක් උපයන්න.... $2
කරන්න තියෙන්නේ නොමිලේ ලියාපදිංචි වෙන එක විතරයි.... 
පහල තියන ලින්ක් එකෙන් නොමිලේම ලියාපදිංචි වෙන්න...
සල්ලි ටික ගෙදරටම.... 

 http://www.twodollarclick.com/index.php?ref=kavintha


 

Sunday, July 21, 2013

ඇයිද මේ දෙතොල් පමනක්













මේ දිවිය සදා  ඔබේ ප්‍රේමය නම්....
හද මඬල පුරා  ඔබේ රුව නම්...
සිත් යාය පුරා ඔබ සැරිසරයි නම්...
ඔබේ නොවෙද මේ දෙතොල් පමනක්... ?

තනිව මොහොතක් හිඳිනු බැරිනම්...
සුපෙම් වදනක් කියනු බැරිනම්...
සුරත ගෙන සිඹ බලනු බැරිනම්...
ඔබට කුමටද  දෙතොල් පමනක්... ?

කවී...



Tuesday, March 12, 2013

පුංචි ගංගාවී...

එන්නෙ නැත්තේ ඇයි දැන් සිහිනයෙන්වත්...........!
සිත පුරා සතුට ඇති කරමින්
සිහිනයේ සිහිනයක් මවමින්
හිත කීරී ගැහෙන ලස්සන අරන්
ඉස්සර හැම රැයකම මගේ තුරුලේ
මගෙ ළග දැවටුනු පුංචි ගංගාවී........
ඒ සතුට ආයෙමත් අරන්
සිහිනයේ සිහිනයක් මවමින්
පෙර සේ හිත කීරී ගැහෙන ලස්සන අරන්
පෙර හැම රැයකම වගේ මගේ තුරුලට
එන්නෙ නැත්තේ ඇයි දැන් ඉස්සර වගේ...........!

 (නන්නාඳුනන අයෙකුගේ විදුලි පුවතක්.. )

Thursday, February 21, 2013

අඳුර.... හෙමි හෙමීට එන්න මගේ කුටියට...

අඳුර......

හෙමි හෙමීට එන්න මගේ කුටියට....
රජයන්න මගේ ජීවිතයේ....
වසාගෙන  දෑස් මාගේ.... 
රැගෙන යන්න ඔබේ ලොවට....
එළිය දකිනු නොකැමැත්තෙමි...

අඳුර....

හෙමි හෙමීට එන්න මගේ ජීවිතයට...
වැලඳගන්න මා තරයේ...
කිමිදී මගේ ඇතුලේ....
හරවන්න රුධිරය ඔබේ පැහැයට....
රතු දකිනු නොකැමැත්තෙමි...

අඳුර....

හෙමි හෙමීට එන්න මගේ හදවතට.....
සිපගන්න හද මාගේ..
ගිලී හද ගැඹුරේ...
සඟවන්න ඒ ආදරේ සදහටම....
ඔබට පෙම් කරනු කැමැත්තෙමි...



කවී...

Tuesday, December 25, 2012

ඔබට මට නොකියාම එන හැඟීම..




හරි සුන්දරයි...  අනේ ඇයි එහෙම උනේ...  මට දුකයි ඒකට... තරහින්ද ඔයා... ඉතින් හිනාවෙන්නකෝ..
ඇයි සතුටු  නැද්ද ඔයාට..... ඔය මූන එල්ලගෙන ඉන්නෙ එහෙනම්....  හ්ම්..... හරි හරි ඉතින්.... සමාවෙන්න මට... ආදරෙයිනේ ඔයාට.....

ජීවිතේ අපි නොදන්න නොතේරෙන ගොඩාක් දේවල් තියනවා... ඒ දේවල් ගැන හිතන්න හිතන්න තවත් හිතන්න දේවල් එකතු වෙනවා විතරයි... ඒ නොතේරෙන කරුනු අතරින් සමහර දේවල් වලට කාලයත් එක්ක විසඳුම් ලැබෙනවා..  තවත් කොටසක් තියනවා ඒවට කවදාවත්ම  උත්තරයක් ලැබෙන්නෙත් නෑ උත්තරයක් හොයන්නත් බෑ... එහෙම එකක්  තමයි හැඟීම් කියන්නේ...කාටද හැඟීම් ඇති නොවෙන්නේ... හැඟීම් වලින් තොර පුද්ගලයෙක්  කවදාවත් හොයාගන්න බෑ අපිට.. ඒ වගේම තමයි හැඟීම් වලින් තොර ජීවිතයක් ගැන හිතන්නවත්  බෑ කවදාවත්ම...
කෙනෙක් හැඟීම් වලින් තොර වෙනවා නම්.. ඒ ඔහුගේ හෝ ඇයගේ මරණයේදී විතරයි...

 දුක,බිය ,සතුට, ආදරය ,විශ්මය,ක්‍රෝධය...  මේ හැම එකක්ම එකිනෙකට වෙනස් උනාට ඒ සියල්ලම පොදුවෙ අයිති වෙන්නේ හැඟීම් කියන ගනයට... හරි පුදුමයි... ඇයි මෙහෙම වෙන්නේ... හැඟීම්  ඇති වෙන්න කිසියම් සිද්දියක්ම අවශ්‍ය වෙන්නේ නෑ... අවශ්‍ය වෙන්නෙ ජීවී මනසක් විතරයි... මොකද ඕනෙම කෙනෙක්ට කුමන හෝ දෙයක් පිළිඹඳ ඕනෑම හැගීමක් ඇතිවෙන්න පුලුවන්... හරියටම තෝරාගත්ත වෙලාවක් නැතිවම, ඉබේම හටගන්න දෙයක් තමයි හැගීම් කියන්නේ..

නමුත් එක වෙනසක් තියනවා... ඒ මොකක්ද දන්නවද? එකම පුද්ගලයාට එකම දේ පිළිඹඳ විටින් විට විවිද  හැගීම් ඇතිවෙන්න පුලුවන්... ඒක තීරනය වෙන්නේ එ ඒ පුද්ගලයාගේ දැනුම සහ දෙයක් අවබෝද කරගැනීමේ මට්ටමත් එක්කයි... මම පුන්චි උදාහරනයක් දෙන්නම්... කෙල්ලෙක්ට ලස්සන පූස් පැටියෙක් දැක්කම හරිම ආදරයක් ඇතිවෙනවා ඒ පූස් පැටියා ගැන.. ඒ වගේම තමයි කැරපොත්තෙක්   දැක්කම හරිම අප්පිරියාවක් වගේම බියක් ඇතිවෙනවා... නමුත් අපි හිතමු අර පූසා කැරපොත්තව කනවා කියලා...
අන්න ඒ වෙලාවේ අර කියපු කෙල්ලට ඒ පූසා ගැනම තරහක් ඇතිවෙනවා... කැරපොත්තා  ගැන දුකක් ඇති වෙනවා... හරි පුදුමයි නේද? එකම දේ ගැන එකම පුද්ගලයට දෙවිදිහකට හැඟීම් ඇතිවෙන එක...

ඉතින් අපිට නොකියාම නොදැනුවත්වම හැම මොහොතකම  හිතට එන දෙයක් තමයි හැගීම කියන්නේ... කොච්චර අපහසු උනත් අපි පුරුදු වෙන්න ඕනේ ඒ කියන හැඟීම පාලනය කරගන්න.. අපිට වලක්වන්න බෑ හැගීම් දැනෙන එක... නමුත් ඒ දැනුනු හැඟීම පිළිබඳ ගන්න තීරනය හැමවිටම දෙවරක්  හිතලා ගන්න ඕනේ... මොකද හැඟිම් වලට  සීමාවක් නැති උනාට අපි කරන කියන දේවල් වලට සීමාවක් තියනවා... අපිට  දැනෙන හැඟීම හිත ඇතුලේ තියනකම් ප්‍රශ්නයක් නොවුනත් ඒක එලියට ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්... මොකදා එකම පුද්ගලයට එකම දේ ගැන විවිද දේවල් හැඟෙනවනේ....
අන්න ඒකයි...


කවී.......

Friday, December 21, 2012

පරිසමාප්ත අර්ථයම නොවේ...






 

                                                                                       සිතන්න මදක්... බොහෝම සාමාන්‍ය මිනිසෙකුට අලුත්ම  අමුතුම  හැඟීමක් දැනෙනවා නම්..  සුලඟේ හඬ වෙනදාට වඩා ඔහුගේ සිතට මිහිරක් ගෙන දෙනවා නම්... කරාමයකින් වතුර ගලන විට එහි වෙනදා නොදුටු රිද්මයක් පෙනේ නම්..  බොහෝ වෙලාවට නිහඬවම තම හදවතේ රිද්මයට සවන්දෙයි නම්...මේ ආකාරයට එකී නොකී සියලුම දේ පිලිඹඳ වෙනදා නොවිඳි ආකාරයේ හැඟීමක්  දැනේ නම්  නිසැක වශයෙන්ම ඔහු යම් දෙයකට අසීමිතව ආදරේ කරන්නෙකු විය යුතුය..සමහර විට ඒ පිරිමියෙකු නම් කාන්තාවකට ද , කාන්තාවක් නම් පිරිමියෙකුටද කරන ආදරයක් විය  හැක..  කෙසේ නමුත් ලොව ජීවත් වන සියලු දෙනාම මෙම තත්වයට මුහුන දීම සාමාන්‍ය දෙයකි...

ආදරය යනු .. ජීවිතයද?

මා දකින ආකාරයට නම් ආදරය යනු සාමාන්‍ය රෝගයකි.. ලොව ජීවත් වන සියලු දෙනාම පාහේ මෙම රෝගයට වරක් හෝ වැඩි වාර ගනනක් මුහුන දී ඇතිවාට සැකයක් නැත.. මෙහි ඇති විශේෂත්වය නම් ජාති ආගම් කුල බේද මෙන්ම තත්වය තරාතිරම වැනි කිසිම කරුනක් රෝගය වැළඳීමට බාදාවක් නොවීමයි... සත් මහල් ප්‍රාසාදයක  සිටින්නෙකුට මහ මග  ලගින්නෙකු කෙරේ ආදරයක් ඇති උවද පුදුම විය යුතු නැත..  යමෙකුට  ආදරය නැමති සාමාන්‍ය රෝගය වැලඳී ඇත්නම් පෙර කී ලෙසට අලුත් අලුත් දේ ඔහුට දැනෙන්නට පටන් ගනී.. අවට ඇති සියලුම දේ පිළිබඳ සෞන්දර්‍යාත්මක පැත්තකින් බැලීමට ඔහු පෙලඹේ. එය ආදරය නැමති රෝගයේ ප්‍රාධානම රෝග ලක්ශනයයි.. ඔහු දොම්නස් සහගත දේ කෙරෙන් ඈත් වී කටයුතු කරයි.. සෑම විටම සොම්නස සොයන අතර තරමක හුදෙකලාවද ප්‍රිය කරයි... ඔහු නින්දට යෑමේදී හා නින්දෙන් අවදි වීමේදී.. තමන් ආදරය කරන දේ සිහියට නැගේ.. විටෙක එය සිතට බරක් ගෙන දෙන අතර විටෙක එසේ නොවේ...

ආදරය යන්න ප්‍රාධාන වශයෙන් කොටස් දෙකකට වෙනකර දැක්විය හැක...  එකක් නම් ඒකපාර්ශවික ආදරයයි... ලොව බහුතරයක් දෙනා ජීවත් වන්නේ ඉහත සඳහන් කල ඒකපාර්ශවික ආදරයක් තුලය.. අනෙක් කොටස ජීවත් වන්නේ ද්වීපාර්ශවික  ආදරය තුලය... ආදරය කරන්නවුන් දෙදෙනාම දැනුවත් වී ආදරය කිරීම ද්වීපාර්ශවික  ආදරය නමින්  හැඳින්වේ.. දුක සහ සතුට යන හැගීම් ද්විත්වයෙන් ඒකපාර්ශවික ආදරයක් ඇත්තවුන්ට වැඩි වශයෙන්  දැනෙන්නේ දුක නැමති හැඟීමය ... ද්වීපාර්ශවික ආදරයක් හිමි පුද්ගලයින් හට දුක,සතුට යන හැගීම් දිවිත්වයම අඩු වැඩි වශයෙන් දැනේ..

කෙසේ නමුත් කුමන කාන්ඩයට අයත් වුවත් අවසානයේ ආදරය තම ජීවිතයට සමාන කරගැනීම පොදු ලක්ශනයකි... පුද්ගලයින් අති බහුතරයක් ජීවත් වන්නේ ආදරය තම ජීවිතය බවට පත්කරගෙනය,... මේ කරුන පිළිඹද හරි වැරදි පෙන්වීමක් මා විසින් සිදු නොකරමි... ඒ මක් නිසාද යත් එහි හරි වැරදි බව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසාවෙනි..  නමුත් සමස්තයක් ලෙස බලන විට අපට පෙනී යන්නේ ආදරය ජීවිතය බවට පත්කරගැනීම තුල බොහෝ අවස්ථාවන් වලදී ගැටලුකාරී තත්වයන් උද්ගත වන බවයි.. මෙමෙ තත්වය තුලදී වත්මන් සමාජයේ ජීවිතයට ඇති  වටිනාකමද හීන වී තිබේ... සමාජයේ  සිදුවන  බහුතරයක් ජීවිත අහිමිකරගැනීම් හා  මිනීමැරුම් වලට ආදරය මුල් වී ඇති බව සොයාගෙන ඇති කරුණකි..  එමගින් අපිට හැඟෙන්නේ කුමක්ද? ආදරය කෙතරම් සුන්දර හැඟීමක් වුවත් , කෙතරම් තෘප්තියක් ගෙන දුන්නත්... ආදරය ජීවිතයට ලන් කරගෙනීමේදී ආදරය හා ජීවිතය අතර තරමක පරතරයක් තබාගත යුතු බව නොවේද? ඒ තබාගන්නා පරතරය හේතුවෙන් දිනක ආදරය අහිමි වූවද ජීවිතයට ඉන් සිදුකෙරෙන බලපෑම අවම වේ..


එහි සැබෑ අර්ථය නම් ආදරය අහිමි වීමකදී තවත් වරක් ආදරය වැලඳෙන තාක් හෝ සදාකාලිකව තනිව විසීමට ජීවිතය ඉතුරු  වන බවයි... 


කවී.....