Wednesday, October 24, 2012

මට වරමක් ලැබුනොත්...

අද සීතල දවසක් සුදූ ...

මම ඇඳට  වෙලා කල්පනා කර කර ඉන්නකොට මගේ හිතට ආව පුදුම අදහසක් . මේ ලෝකේ ඉන්න තිස් තුන් කෝටියක් දෙවිවරු එකතු වෙලා මට වරමක් දුන්නොත්....  ජීවිතේ එකම එක පාරක් විතරක් ලබාගන්න පුලුවන් එකක්..  
                                           ඔයා දන්නවද මම ඉල්ලනේ මොකක්ද කියලා... අනේ සුදූ .. ඔයාට ඒක හිතාගන්නවත් බැරිවෙයි.. දන්නවද ඒ මොකක්ද කියල...  මම එයාලගෙන් ඉල්ලනවා මගේ ඇස් දෙකෙන් ඔයාට ලෝකය දකින්න පුලුවන් වෙන්න කියලා.. ඇයි දන්නවද?

                                                                                                    මගේ ඇස් දෙකෙන් ඔයා ලෝකය දිහා බලනකොට ඔයාට තේරෙයි රත්තරං මගෙ මුලු ලෝකෙම ඔයා කියලා... අතන මෙතන හැමතැනම මට පේන්නේ ඔයාව කියලා... ඔයා ගැවසෙන තැන් බලන්න මගෙ ඇස් දෙක කොච්චර ආසද කියලා...  මගෙ ඇස් දෙකෙන්ම බලන්න රත්තරං.. මහ මෙරක් තරම් උස අපේ හීන කන්ද... ඔයාට පෙනෙයි ඒ හීන කන්ද උඩ තියනව රෝස මලක්.. රතු පාට.. ඒ මල ඔයා වෙනුවෙන්ම පිපිච්ච මලක් සුදූ.... මට ඕනේ දවසක ඒ හීන කන්ද උඩටම යන්න... ඔයත් එක්ක.. සත්තයි.. මම ඒක කරනවා...
                                                                                                          අනේ මම කල්පනාවෙන්ම ගොඩාක් දුර ආව නේද සුදු.. කමක් නෑ... මම අදට නවතිනවා... ආයෙත් දවසක එන බලාපොරොත්තුවෙන්... ඉස්සර වගේම අදත්.. හෙටත්.. හැමදාමත්.. ඔයාට ආදරෙයි මං....

කවී......