Friday, October 26, 2012

මගේ ආදරය..

                                                                  



                 

                හදවත ගැහෙනවා වේගෙ වැඩිද මන්දා .. ඒත් එක අතකින් මල් පොකුරක් , ඔයාටම පිපිච්ච මල් පොකුරක් අරන්. අනිත් අතින් හිස් අවකාශයත් අල්ලගෙන  මම ඇවිත් ඉන්නවා සුදූ...
                                                                                                    දහසක් දේවල් තියනවා ඔයාට කියන්න.. කාලයක් තිස්සේ හිතේ ගොඩගැහිල තිබුන,  අමාරුවෙන් කාටවත් නොදී පරිස්සම් කරගත්ත ඒ ආදරණීය හැඟීම් කන්ද එකපාරටම කොහොම කියල ඉවර කරන්නද  කියල මට හිතාගන්නවත් බෑ සුදූ... මම දන්නවා.. ඔයාට බෑ එකපාරටම ඒව දරාගන්න...
                                                         වෙලාවකට මට හිතෙන්නේ මම වැරදිකාරයෙක් කියලා.. මට හිතෙනවා මම මේ කරන්නේ වැරද්දක්ද කියලා .. ඒත්.... ඇස් වලින් කතා කරන, හදවතින්ම හිනාවෙන ඔයාට මම පනටත් වඩා  ආදරෙයි රත්තරං... මම ආත්මයෙන්ම ඔයාට බැඳිල  ඉවරයි ... ඒ හැම දෙයක්ම ඔයා දැනගන්න ඕනෙ කාලෙ දැන් අවිත්  සුදු...
                                                               බලන්න... ඔයා මාව කොච්චර අසරන කරනවද කියල.. ඒ හිනාව තාමත් ඒ විදිහමයි.. බලන්න ඔයාගෙ ඇස් දෙක.. හරියට මේ හැම දෙයක්ම ඔයා කලින්ම දන්නවා වගේ... ඔය තරම්ම මාව අසරන කරන්න එපා රත්තරං...    තව මොහොතකින් උදා වෙන තත්වෙ ගැන මගෙ හිතේ තියෙන්නෙ අමුතුම හැඟීමක්.. .. අනේ මන්දා.. ඒක බයකුත් නෙමෙයි... බය නැතුවමත් නෙමෙයි.. ඒ මොනව උනත් අද  මේ හැම දේම මම ඔයාට කියනවා... කොච්චර අමාරු උනත්.. මම ඒක කරනවා...  
                                                                                                                         මගේ කතාව අහන ඔයාට තේරෙයි සුදු.. කොයි තරම් නම් මම ඔයාට ආදරේ කරනවද කියලා.. ඒ තරමටම මට ඔයාව ඕනේ කියල.. ඉන්න.. මම ලඟට එනකන්.. 



කවී... 

2 comments:

  1. මාත් ඔහොම හීනයක් මැව්වා බං!

    (සෙටින්ග් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහං! කමෙන්ට් කරන්න අමාරුයි නැත්තං!)

    ReplyDelete
  2. ඉතූතියි අයියේ උපදේශෙට... මම ඉක්මනින්ම නිවැරදි කරන්නම්.

    ReplyDelete