Tuesday, October 23, 2012

මතකද?


ඔයාට මතකද අපි දෙන්නා මුලින්ම මීට් උන දවස..  හරිහටම අපි ඕලෙවල් කරල ඉස්කෝලෙට  ආපු පලවෙනි දවස..  අපි  ගොඩාක් දේවල් කතා කරා...  ඇස් වලින්..  ඇත්තමයි.. එදා තමයි හරියටම මට දැනුනෙ ජීවිතේ විඳිනවා කියන්නෙ මොකක්ද කියල..
                                                                                   මං ගැන ඔයා ඒ වෙනකොට දැනගෙන හිටියෙ බොහොම ටිකයි සුදූ.. ඒත් කාලය ගෙවිලා යනකොට අපිටත් හොරෙන් අපේ හිත් එකතු උනා.. බලෙන්ම වගේ.. අපේ ආදරේ දවසින් දවස වැඩි උනා.. බස් එකේ.. පන්තියේ.. වැව රව්මේ.. මේ හැම  තැනම අපි දෙන්නා කොච්චර නම් ඇවිදින්න ඇත්ද.. ඇත්තමයි කාලය ගත උනා දැනුනෙම  නෑ..
                                                                                                                                ඒත් ඒ මතකයන් අතරේ අද මම තනි වෙලා සුදූ ... ඉස්සර වගේ මගේ අතින් අල්ලගෙන රවුමක් යන්න ඔයා දැන් මගෙ ලඟ නෑනේ..  අනේ මම  ඔයාට වෛර කරන්නෙ නෑ කවදාවත්.. ඒත් මගෙ මේ පාලුව නම් මකන්න බැරිවෙයි කාටවත්ම..
                  මම දවසක් ඔයාගෙන් ඇහුවා මට කොච්චර ආදරේද කියලා..  තාම මතකයි.. . මගෙ උරහිසේ නිදාගෙන හිටපු ඔයා හිස් අහසට ඇඟිල්ල දික් කරල "ඒ තරම් " කියල  කිව්වා.. එදා මම හිතුවෙ ඒ හිස් අහස පුරවන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ තියනව කියලා...  ඒත් මට දැන් තේරෙනව රත්තරං.... ඔයා එදා කිව්වේ ඒ හිස් අහස වගේම ඔයගේ ආදරෙත් හිස් එකක් ය කියල... ඒක වත් තේරුම් ගන්න බැරි තරමට මම අන්ධ වෙලා හිටියේ.. අදරෙන්...
                                                         ඔයාගෙ හිතේ කොනක වත් මම නැති උනාට අදටත් ඔයා ඉන්නවා.. මගෙ හිත පුරාම...

කවී....