Monday, November 12, 2012

බැලුවෙමි අහස දෙස

  බැලුවෙමි අහස දෙස
වැතිරිලා පොලව මත
කලුවරයි රෑ අහස
ලෙසින් මගේ සිත

ඉතිරිලා පෙම් පහස
පැවතුනා පෙර දවස
අතරමං වූ විලස
තනි උනා මා මෙලෙස

දිලෙන තරු කැට අතර
සොයමි මම නුඹ සොදුර
මකනු වස් මේ අඳුර
යනෙනු මැන මෙහි නිතර

කවී...