Tuesday, December 25, 2012

ඔබට මට නොකියාම එන හැඟීම..




හරි සුන්දරයි...  අනේ ඇයි එහෙම උනේ...  මට දුකයි ඒකට... තරහින්ද ඔයා... ඉතින් හිනාවෙන්නකෝ..
ඇයි සතුටු  නැද්ද ඔයාට..... ඔය මූන එල්ලගෙන ඉන්නෙ එහෙනම්....  හ්ම්..... හරි හරි ඉතින්.... සමාවෙන්න මට... ආදරෙයිනේ ඔයාට.....

ජීවිතේ අපි නොදන්න නොතේරෙන ගොඩාක් දේවල් තියනවා... ඒ දේවල් ගැන හිතන්න හිතන්න තවත් හිතන්න දේවල් එකතු වෙනවා විතරයි... ඒ නොතේරෙන කරුනු අතරින් සමහර දේවල් වලට කාලයත් එක්ක විසඳුම් ලැබෙනවා..  තවත් කොටසක් තියනවා ඒවට කවදාවත්ම  උත්තරයක් ලැබෙන්නෙත් නෑ උත්තරයක් හොයන්නත් බෑ... එහෙම එකක්  තමයි හැඟීම් කියන්නේ...කාටද හැඟීම් ඇති නොවෙන්නේ... හැඟීම් වලින් තොර පුද්ගලයෙක්  කවදාවත් හොයාගන්න බෑ අපිට.. ඒ වගේම තමයි හැඟීම් වලින් තොර ජීවිතයක් ගැන හිතන්නවත්  බෑ කවදාවත්ම...
කෙනෙක් හැඟීම් වලින් තොර වෙනවා නම්.. ඒ ඔහුගේ හෝ ඇයගේ මරණයේදී විතරයි...

 දුක,බිය ,සතුට, ආදරය ,විශ්මය,ක්‍රෝධය...  මේ හැම එකක්ම එකිනෙකට වෙනස් උනාට ඒ සියල්ලම පොදුවෙ අයිති වෙන්නේ හැඟීම් කියන ගනයට... හරි පුදුමයි... ඇයි මෙහෙම වෙන්නේ... හැඟීම්  ඇති වෙන්න කිසියම් සිද්දියක්ම අවශ්‍ය වෙන්නේ නෑ... අවශ්‍ය වෙන්නෙ ජීවී මනසක් විතරයි... මොකද ඕනෙම කෙනෙක්ට කුමන හෝ දෙයක් පිළිඹඳ ඕනෑම හැගීමක් ඇතිවෙන්න පුලුවන්... හරියටම තෝරාගත්ත වෙලාවක් නැතිවම, ඉබේම හටගන්න දෙයක් තමයි හැගීම් කියන්නේ..

නමුත් එක වෙනසක් තියනවා... ඒ මොකක්ද දන්නවද? එකම පුද්ගලයාට එකම දේ පිළිඹඳ විටින් විට විවිද  හැගීම් ඇතිවෙන්න පුලුවන්... ඒක තීරනය වෙන්නේ එ ඒ පුද්ගලයාගේ දැනුම සහ දෙයක් අවබෝද කරගැනීමේ මට්ටමත් එක්කයි... මම පුන්චි උදාහරනයක් දෙන්නම්... කෙල්ලෙක්ට ලස්සන පූස් පැටියෙක් දැක්කම හරිම ආදරයක් ඇතිවෙනවා ඒ පූස් පැටියා ගැන.. ඒ වගේම තමයි කැරපොත්තෙක්   දැක්කම හරිම අප්පිරියාවක් වගේම බියක් ඇතිවෙනවා... නමුත් අපි හිතමු අර පූසා කැරපොත්තව කනවා කියලා...
අන්න ඒ වෙලාවේ අර කියපු කෙල්ලට ඒ පූසා ගැනම තරහක් ඇතිවෙනවා... කැරපොත්තා  ගැන දුකක් ඇති වෙනවා... හරි පුදුමයි නේද? එකම දේ ගැන එකම පුද්ගලයට දෙවිදිහකට හැඟීම් ඇතිවෙන එක...

ඉතින් අපිට නොකියාම නොදැනුවත්වම හැම මොහොතකම  හිතට එන දෙයක් තමයි හැගීම කියන්නේ... කොච්චර අපහසු උනත් අපි පුරුදු වෙන්න ඕනේ ඒ කියන හැඟීම පාලනය කරගන්න.. අපිට වලක්වන්න බෑ හැගීම් දැනෙන එක... නමුත් ඒ දැනුනු හැඟීම පිළිබඳ ගන්න තීරනය හැමවිටම දෙවරක්  හිතලා ගන්න ඕනේ... මොකද හැඟිම් වලට  සීමාවක් නැති උනාට අපි කරන කියන දේවල් වලට සීමාවක් තියනවා... අපිට  දැනෙන හැඟීම හිත ඇතුලේ තියනකම් ප්‍රශ්නයක් නොවුනත් ඒක එලියට ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්... මොකදා එකම පුද්ගලයට එකම දේ ගැන විවිද දේවල් හැඟෙනවනේ....
අන්න ඒකයි...


කවී.......

4 comments:

  1. කැරපොත්තාව පූසා විසින් අනුභව කිරීමේ ක්‍රියාවලිය ගත් කලී මලේ එය ඇත්තෙන්ම කෙල්ල ආඩම්බර විය යුතු මූමන්ට් එකකි! හිකිස්! හැබැයි තියල තියන කතාව ඇත්ත! මම නං (මම කොල්ලෙක් විදියට මං ඇති රන්නෙ පූසියක්!) මගේ පූසි කැරපොත්තව ගිලිනු දක්නා කල්හි ඉතාම සතුටු වන්නෙමි! හම්!

    ReplyDelete
  2. ඒක තමයි අයියේ මම කිව්වේ එකම දේ පිළිඹඳ විවිද අදහස් ඇතිවෙනවා කියලා'''
    බට් අදටත් ඔබේ අගයකිරීම දිරිදීම පිලිබඳ සතුටුයි අයියේ..
    බොහෝම ස්තූතියි ඔයාට,...

    ReplyDelete
  3. හිකිස්! එල මල්ලි! තව ලියපං!! ආදරය ගැන ලියන්න පුලුවන් ඒකේ හැම පැත්තම විඳලා තියන උඹ වගේ කොල්ලොන්ට තමායි! ආ මටත් පුලුවං බං!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... අපි ජූනියර්... ඔයා සීනියර්... :D

      Delete