Thursday, February 21, 2013

අඳුර.... හෙමි හෙමීට එන්න මගේ කුටියට...

අඳුර......

හෙමි හෙමීට එන්න මගේ කුටියට....
රජයන්න මගේ ජීවිතයේ....
වසාගෙන  දෑස් මාගේ.... 
රැගෙන යන්න ඔබේ ලොවට....
එළිය දකිනු නොකැමැත්තෙමි...

අඳුර....

හෙමි හෙමීට එන්න මගේ ජීවිතයට...
වැලඳගන්න මා තරයේ...
කිමිදී මගේ ඇතුලේ....
හරවන්න රුධිරය ඔබේ පැහැයට....
රතු දකිනු නොකැමැත්තෙමි...

අඳුර....

හෙමි හෙමීට එන්න මගේ හදවතට.....
සිපගන්න හද මාගේ..
ගිලී හද ගැඹුරේ...
සඟවන්න ඒ ආදරේ සදහටම....
ඔබට පෙම් කරනු කැමැත්තෙමි...



කවී...

3 comments:

  1. පට්ටයි! සිරා!

    හැබැයි උඹේ කාමරේ නං හොඳට එලියයි! එදා මං දැක්කනේ! හිකිස්! ඉක්මණට ඒක තවත් එළිය කරන කෙනෙක් ලැබේවා කියලා සුභ පතනවා! ශරී!

    කම්මැලි නැතුව ලියපිය! අපේ යක්ෂයා අවුස්සන්නෙ නැතුව!

    ReplyDelete
  2. ලියනවා ලියනවා අයියන්ඩී.....

    අපි දැන් විරහවේ සුව විඳින කාලේ නේ.......
    අදහස් කන්දක් තියනවා.....

    තෑන්ක්ස් වේවා ඔයාට....

    ReplyDelete