Monday, November 12, 2012

බැලුවෙමි අහස දෙස

  බැලුවෙමි අහස දෙස
වැතිරිලා පොලව මත
කලුවරයි රෑ අහස
ලෙසින් මගේ සිත

ඉතිරිලා පෙම් පහස
පැවතුනා පෙර දවස
අතරමං වූ විලස
තනි උනා මා මෙලෙස

දිලෙන තරු කැට අතර
සොයමි මම නුඹ සොදුර
මකනු වස් මේ අඳුර
යනෙනු මැන මෙහි නිතර

කවී...

6 comments:

  1. මමත් තරුවක් හොයනවා බං! තරුව හොයාගත්තට තාම තරුව අයිති කරගන්න බැරි උනා!

    ReplyDelete
  2. තරුව ලඟට යන්නකෝ.. අයිති වෙයි නිකම්ම...

    ReplyDelete
  3. තාරකාවත් ඇහැ අද්දරනම්
    තරු එලියෙන් මග පෙනේ නම්
    හිතත් නුබේ තරුවක් ම් නම්
    ආදරේත් තාරුකාවක් මයි

    ReplyDelete
    Replies
    1. පිං පාට ඒ ඇස්..
      මගේම වෙනවනම්...
      ඔබ වගේම මගෙ හිතත්...
      කහ පාට තාරුකාවක් නම්...

      ඇත්ත....
      ආදරෙත් තාරුකාවක් මයි...

      Delete