Monday, November 12, 2012

බැලුවෙමි අහස දෙස

  බැලුවෙමි අහස දෙස
වැතිරිලා පොලව මත
කලුවරයි රෑ අහස
ලෙසින් මගේ සිත

ඉතිරිලා පෙම් පහස
පැවතුනා පෙර දවස
අතරමං වූ විලස
තනි උනා මා මෙලෙස

දිලෙන තරු කැට අතර
සොයමි මම නුඹ සොදුර
මකනු වස් මේ අඳුර
යනෙනු මැන මෙහි නිතර

කවී...

Sunday, November 11, 2012

මගේ හිත තාම එයා ලඟ

ගියා...
එයා යන්නම ගියා.....
මම දුන්න හැමදේම මට දුන්නා....
එයාට මගෙන් ඉල්ලන්න දෙයක් නෑ....
එයා මොකුත්ම දීලා නෑනෙ මට....

ඒත්...
මගේ හිත තාම එයා ලඟ...
එයාටත් අමතක වෙලා වගේ...
ඉල්ලන්නත් මොකක්ද වගේ...
කමක් නෑ..
තිබුනත් වැඩකුත් නැනේ...

 වෙන කාට දෙන්නද ?
 මගෙ හිත...

 කවී....

Tuesday, November 6, 2012

රතුම රතු රෝස මල

සිනහ සොයන විට
දුකම ගෙනත් දුන්
කඳුලු  උරුම කර
සතුට  සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ......

සිහින අහිමි කල
රැයක් ගෙනත් දුන් 
මතක ඉතිරි කර
පැතුම් සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ...... 


කවී.......