Sunday, December 16, 2012

සඳ නෑ මගේ අහසේ පෙර වාගේ



 
සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 




 




සීතල දෙසැම්බර් මාසේ ඉවර වෙන්න තව දවස් කීයද?
කිතුනුවෙක් නොවුනත් මට මතකයි මමත් පුන්චි දවස් වල නත්තල් ගහ සරසනවා...
ඒත් අපි වයසින් ලොකුවෙනකොට ඒ හැමදේම අපිටත් නොදැනිම අපේ ජීවිත වලින් ඈත්වෙලා...
දැන් ඒවා නිකම්ම නිකන් මතකයන් විතරයි... හිතේ කොහේ හරි කොනක ඒවා තියනවා..
ඒත් සමහර මතකයන් තියනවා නිකම්ම නිකන් මතකයන් නොවන ඒවා...
ඒ මතකයන් මරණය දක්වාම හිතේ රැදිලා අපිව රිද්දනවා... ඉඩක් ලැබුනු ගමන් ඒ දෙවල් ආයෙමත් 

මතක් කරවනවා...

ඒ වගෙ මගේ අද මේ ගෙවන හරිම වේදනා බර ජීවිතයට හේතු වෙච්ච දේත් මට තාම මතකයි... අද වගේ..
නිකම්ම නිකම් ගලාගෙන යන දිය  පාරකට වඩා ගස්වැල් අසෙන් ගල් උඩින් ගලාගෙන යන දිය පාරක ලස්සන රිද්මයක් තියනවා.. හරිම ප්‍රාණවත් බවක් තියන්වා.. ඒ වගේම තමයි ජීවිතෙත්.. එකාකාරී  ජීවිතේට ආදරේ කියන දේ එකතු උනාම ජීවිතෙත් අමුතුම එකක් බවට පත්වෙනවා.. එතකොට තමයි දැනෙන්නේ අපි ජීවත් වෙනවා නේද කියලා. 

ඉතින් ඔය කියන ආදරේ මගේ ජීවිතේටත් එකතු උනා මට මතකයි.. අද වගේ මතකයි ඒ මොහොත...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා ලස්සන කෙල්ලෙක්... එයාගේ ලස්සන ඇස්, 

දිග කලු  කොන්ඩෙ තව කොච්චර නම් තියනවද කියන්න... . මම කොච්චර ආසා කරාද ඒ දේවල් වලට...  මම ලෝබ උනා ඒ දේවල් මගෙන් ඈතට යයි කියලා... ඒකයි මම එයාව මගේම කරගන හිතුවේ...  ඇත්තටම එයා මගේම උනා... ඒත් හැමදාටම නෙමෙයි...

මගේ ආදරේ ගැන මම මුලින්ම එයාට කියපු දවස තරම් මම බයවෙලා නැතුව ඇති කවදාවත්...
මට දැනුන බය ඒ විදිහට ම  ඒයාටත්  දැනුනා.. මම ඒක දන්නවා.. මොහොතකට දුරකතනය 

 නිශ්ශබ්ද උනා... ඒ වගේම මගෙ හදවතත්... ඊලඟ මොහොතේ එයා කෝල් එක කට් කරා... 
දන්නවද ඒ මොහොතේ මට දැනුන හැඟීම... ඒක විස්තර කරන්න දන්නේ නෑ මම...
තප්පර විනාඩි පැය ගනනින් කාලය ගෙවුනා.. ඒත් මම එතනමයි.. දුරකතනයත් තවම අතේමයි... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... " ඒක කෙටි පනිවිඩයක්... නිකමට වගේ බැලුවා කාගෙන්ද කියලා.. 

දන්නවද පනිවිඩේ තිබුනේ මොකක්ද කියලා.... " මමත් ඔයාට කැමතියි..... " ඒ එයා... මම පනටත් වඩා ආදරේ කරපු ඒ ලස්සන කෙල්ල.... එතනින් එහාට ඉතින් කාලය කියන දේ ගැන අපිට ගානක් තිබුනේ නෑ...  ඒවා ඕහේ ගලාගෙන ගියා... පංතියේ , වැව රවුමේ.. මෙ හැමතැනකම  හැමදාම එක එක ජාතියේ සුන්දර  මතක සටහන් එකතු උනා ජීවිතෙට... කොච්චර සතුටෙන් හිටපු කාලයක්ද? මම කොච්චර නම් ආදරේ කරාද?

මොනවා උනත් මගේ  ආදරේටත් නරක කාලයක් උදා උනා... මේ ලෝකේ ඉන්න කිසිම පෙම්වතෙක් කවදාවත් නොදකින්න පතන දේ මම දැක්කා.. මට හිතුනේ මගේ ඇස් මට බොරු කරනවා කියලා... නැත්නම් මට පුලුවන්ද මගේ ආදරේ වෙන කෙනෙක්ගේ තුරුලේ ඉන්නවා කියන එක විශ්වාස කරන්න..
ඒත් ඒක එහෙම වෙලා තිබුනා.. හේතුවක් නැතුවම ඒක එහෙම වෙලා තිබුනා...  

මම කොච්චර අවාසනාවන්තද?

ටික දවසකට පස්සේ,  ඒත්  මේ වගේම දෙසැම්බර් මාසෙක එයාගෙන් කෙටි පනිවිඩයක් ආවා... 

" ටීක් ටීක්...    ටීක් ටීක්...... "

" ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. "



සඳ නෑ මගේ අහසේ පෙර වාගේ.....
ගිලිලා මුලු ලොවම මගේ අන්ධකාරයේ.....
පියනගමි මා මෙසේ අනාතයෙකු සේ......
සොයන්නේ කෙසේ නැතිවූ මගේ ආදරේ.. 



  කවී.....

Monday, November 12, 2012

බැලුවෙමි අහස දෙස

  බැලුවෙමි අහස දෙස
වැතිරිලා පොලව මත
කලුවරයි රෑ අහස
ලෙසින් මගේ සිත

ඉතිරිලා පෙම් පහස
පැවතුනා පෙර දවස
අතරමං වූ විලස
තනි උනා මා මෙලෙස

දිලෙන තරු කැට අතර
සොයමි මම නුඹ සොදුර
මකනු වස් මේ අඳුර
යනෙනු මැන මෙහි නිතර

කවී...

Sunday, November 11, 2012

මගේ හිත තාම එයා ලඟ

ගියා...
එයා යන්නම ගියා.....
මම දුන්න හැමදේම මට දුන්නා....
එයාට මගෙන් ඉල්ලන්න දෙයක් නෑ....
එයා මොකුත්ම දීලා නෑනෙ මට....

ඒත්...
මගේ හිත තාම එයා ලඟ...
එයාටත් අමතක වෙලා වගේ...
ඉල්ලන්නත් මොකක්ද වගේ...
කමක් නෑ..
තිබුනත් වැඩකුත් නැනේ...

 වෙන කාට දෙන්නද ?
 මගෙ හිත...

 කවී....

Tuesday, November 6, 2012

රතුම රතු රෝස මල

සිනහ සොයන විට
දුකම ගෙනත් දුන්
කඳුලු  උරුම කර
සතුට  සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ......

සිහින අහිමි කල
රැයක් ගෙනත් දුන් 
මතක ඉතිරි කර
පැතුම් සොරාගත්
රතුම රතු රෝස මල
නුඹ...... 


කවී....... 
 










Tuesday, October 30, 2012

ආදරයේ අරුත..


 

පුදන්නට හැකී
ලබන්නට හැකී... 

විඳවන්න මෙන්ම
ව්ඳින්නට හැකී... 

කඳුල මෙන්ම
සිනහවද ඇතී... 

හදවත් දෙකක
  නිබඳව ඇතී.. 

සොඳුරුතම
 සිහිනයකි... 

ආදරය... 


කවී....

Monday, October 29, 2012

ජීවිතයම ඔබ...


කියන්න ....

ඔය ලස්සන ඇස්...
වෙන කාටවත් දෙයිද මම...
ඔය  උනුසුම...
වෙන කාගෙන් ලබන්නද මම
ඔය ආදරේ  තරම්...
 වට්න දෙයක් තියනවද තව 
ඔයා තරම්... 
වෙන කවුරුවත් ආදරෙයිද මට 

දන්නවද.... 

ඔයා ලඟම...
හැමදාටම  ඉන්නවා මම
ඔයා වෙනුවෙන්... 
තවම   ජීවත් වෙනව මම 
ඔයා නැතුව... 
තවත් නම් ඉන්න බෑ මට 
ඔයා එනකන්... 
මග බලන් ඉන්නවා මම 



කවී....





 

Friday, October 26, 2012

මගේ ආදරය..

                                                                  



                 

                හදවත ගැහෙනවා වේගෙ වැඩිද මන්දා .. ඒත් එක අතකින් මල් පොකුරක් , ඔයාටම පිපිච්ච මල් පොකුරක් අරන්. අනිත් අතින් හිස් අවකාශයත් අල්ලගෙන  මම ඇවිත් ඉන්නවා සුදූ...
                                                                                                    දහසක් දේවල් තියනවා ඔයාට කියන්න.. කාලයක් තිස්සේ හිතේ ගොඩගැහිල තිබුන,  අමාරුවෙන් කාටවත් නොදී පරිස්සම් කරගත්ත ඒ ආදරණීය හැඟීම් කන්ද එකපාරටම කොහොම කියල ඉවර කරන්නද  කියල මට හිතාගන්නවත් බෑ සුදූ... මම දන්නවා.. ඔයාට බෑ එකපාරටම ඒව දරාගන්න...
                                                         වෙලාවකට මට හිතෙන්නේ මම වැරදිකාරයෙක් කියලා.. මට හිතෙනවා මම මේ කරන්නේ වැරද්දක්ද කියලා .. ඒත්.... ඇස් වලින් කතා කරන, හදවතින්ම හිනාවෙන ඔයාට මම පනටත් වඩා  ආදරෙයි රත්තරං... මම ආත්මයෙන්ම ඔයාට බැඳිල  ඉවරයි ... ඒ හැම දෙයක්ම ඔයා දැනගන්න ඕනෙ කාලෙ දැන් අවිත්  සුදු...
                                                               බලන්න... ඔයා මාව කොච්චර අසරන කරනවද කියල.. ඒ හිනාව තාමත් ඒ විදිහමයි.. බලන්න ඔයාගෙ ඇස් දෙක.. හරියට මේ හැම දෙයක්ම ඔයා කලින්ම දන්නවා වගේ... ඔය තරම්ම මාව අසරන කරන්න එපා රත්තරං...    තව මොහොතකින් උදා වෙන තත්වෙ ගැන මගෙ හිතේ තියෙන්නෙ අමුතුම හැඟීමක්.. .. අනේ මන්දා.. ඒක බයකුත් නෙමෙයි... බය නැතුවමත් නෙමෙයි.. ඒ මොනව උනත් අද  මේ හැම දේම මම ඔයාට කියනවා... කොච්චර අමාරු උනත්.. මම ඒක කරනවා...  
                                                                                                                         මගේ කතාව අහන ඔයාට තේරෙයි සුදු.. කොයි තරම් නම් මම ඔයාට ආදරේ කරනවද කියලා.. ඒ තරමටම මට ඔයාව ඕනේ කියල.. ඉන්න.. මම ලඟට එනකන්.. 



කවී...