Thursday, October 25, 2012

ඔබ සිහිනයක්....



සිතට වද දෙන...
දෙනෙත හඬවන...
විටෙක සතුටද...
දුකද ගෙනදෙන..
සිහිනයක්...

ඔබ සිහිනයක්..

                           මතක සැමරුම්...
                           කලද මිහිදන්...
                           නිතර ඇවිදින්...
                           මෙනෙහි කරවන...
                           සිහිනයක්...

                           ඔබ සිහිනයක්..

                                                       සිසිළ පමණට ..
                                                       උණුසුමද ගෙන...
                                                       මහද අරණේ...
                                                       ඉපිද මියැදෙන... 
                                                       සිහිනයක්...
                                                     
                                                       ඔබ සිහිනයක්..
                                                                 

                                                                                   කවී.....

Wednesday, October 24, 2012

මට වරමක් ලැබුනොත්...

අද සීතල දවසක් සුදූ ...

මම ඇඳට  වෙලා කල්පනා කර කර ඉන්නකොට මගේ හිතට ආව පුදුම අදහසක් . මේ ලෝකේ ඉන්න තිස් තුන් කෝටියක් දෙවිවරු එකතු වෙලා මට වරමක් දුන්නොත්....  ජීවිතේ එකම එක පාරක් විතරක් ලබාගන්න පුලුවන් එකක්..  
                                           ඔයා දන්නවද මම ඉල්ලනේ මොකක්ද කියලා... අනේ සුදූ .. ඔයාට ඒක හිතාගන්නවත් බැරිවෙයි.. දන්නවද ඒ මොකක්ද කියල...  මම එයාලගෙන් ඉල්ලනවා මගේ ඇස් දෙකෙන් ඔයාට ලෝකය දකින්න පුලුවන් වෙන්න කියලා.. ඇයි දන්නවද?

                                                                                                    මගේ ඇස් දෙකෙන් ඔයා ලෝකය දිහා බලනකොට ඔයාට තේරෙයි රත්තරං මගෙ මුලු ලෝකෙම ඔයා කියලා... අතන මෙතන හැමතැනම මට පේන්නේ ඔයාව කියලා... ඔයා ගැවසෙන තැන් බලන්න මගෙ ඇස් දෙක කොච්චර ආසද කියලා...  මගෙ ඇස් දෙකෙන්ම බලන්න රත්තරං.. මහ මෙරක් තරම් උස අපේ හීන කන්ද... ඔයාට පෙනෙයි ඒ හීන කන්ද උඩ තියනව රෝස මලක්.. රතු පාට.. ඒ මල ඔයා වෙනුවෙන්ම පිපිච්ච මලක් සුදූ.... මට ඕනේ දවසක ඒ හීන කන්ද උඩටම යන්න... ඔයත් එක්ක.. සත්තයි.. මම ඒක කරනවා...
                                                                                                          අනේ මම කල්පනාවෙන්ම ගොඩාක් දුර ආව නේද සුදු.. කමක් නෑ... මම අදට නවතිනවා... ආයෙත් දවසක එන බලාපොරොත්තුවෙන්... ඉස්සර වගේම අදත්.. හෙටත්.. හැමදාමත්.. ඔයාට ආදරෙයි මං....

කවී......

                                                                                                                                       

Tuesday, October 23, 2012

මතකද?


ඔයාට මතකද අපි දෙන්නා මුලින්ම මීට් උන දවස..  හරිහටම අපි ඕලෙවල් කරල ඉස්කෝලෙට  ආපු පලවෙනි දවස..  අපි  ගොඩාක් දේවල් කතා කරා...  ඇස් වලින්..  ඇත්තමයි.. එදා තමයි හරියටම මට දැනුනෙ ජීවිතේ විඳිනවා කියන්නෙ මොකක්ද කියල..
                                                                                   මං ගැන ඔයා ඒ වෙනකොට දැනගෙන හිටියෙ බොහොම ටිකයි සුදූ.. ඒත් කාලය ගෙවිලා යනකොට අපිටත් හොරෙන් අපේ හිත් එකතු උනා.. බලෙන්ම වගේ.. අපේ ආදරේ දවසින් දවස වැඩි උනා.. බස් එකේ.. පන්තියේ.. වැව රව්මේ.. මේ හැම  තැනම අපි දෙන්නා කොච්චර නම් ඇවිදින්න ඇත්ද.. ඇත්තමයි කාලය ගත උනා දැනුනෙම  නෑ..
                                                                                                                                ඒත් ඒ මතකයන් අතරේ අද මම තනි වෙලා සුදූ ... ඉස්සර වගේ මගේ අතින් අල්ලගෙන රවුමක් යන්න ඔයා දැන් මගෙ ලඟ නෑනේ..  අනේ මම  ඔයාට වෛර කරන්නෙ නෑ කවදාවත්.. ඒත් මගෙ මේ පාලුව නම් මකන්න බැරිවෙයි කාටවත්ම..
                  මම දවසක් ඔයාගෙන් ඇහුවා මට කොච්චර ආදරේද කියලා..  තාම මතකයි.. . මගෙ උරහිසේ නිදාගෙන හිටපු ඔයා හිස් අහසට ඇඟිල්ල දික් කරල "ඒ තරම් " කියල  කිව්වා.. එදා මම හිතුවෙ ඒ හිස් අහස පුරවන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ තියනව කියලා...  ඒත් මට දැන් තේරෙනව රත්තරං.... ඔයා එදා කිව්වේ ඒ හිස් අහස වගේම ඔයගේ ආදරෙත් හිස් එකක් ය කියල... ඒක වත් තේරුම් ගන්න බැරි තරමට මම අන්ධ වෙලා හිටියේ.. අදරෙන්...
                                                         ඔයාගෙ හිතේ කොනක වත් මම නැති උනාට අදටත් ඔයා ඉන්නවා.. මගෙ හිත පුරාම...

කවී....